බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල- පෙර පාසැල් 2 දරුවන්ගේ සිඟිති පොළ
2023.පෙබරවාරි මස 28 වන දින පෙ.ව. 8.30 ට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ ගුරුවරියන් සහ දරුවන් සහ දෙමාපියන් විසින් පෙර පාසැල් 2 දරුවන්ගේ සිගිති පොළ පවත්වන ලදි. මෙයට බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වැඩමවන ලද අතර පූජ්‍ය ඇඹිලිපිටියේ නන්ද හිමි, ගුරුවල සුසීල හිමි ඇතුළු සංඝයාවහන්සේලාද , විදේශීය අමුත්තන් රැසක්ද , සියලුම දෙමාපියන්ද, ප්‍රදේශවාසීන්ද සහභාගි වන ලදි. මෙහිදී ,
- දරුවන් දරුවන්ට එළවඵ ,පලතුරැ ආදී පරිසරයට සම්බන්ධ විශයානුබද්ධ කරැනු පිලිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම.
- ප්‍රමාණයන්, හැඩයන්, පාට වර්ග ආදී ගණිත සංකල්ප පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම.
- එදිනෙදා සාමාන්‍ය වටපිටාවේ සිදුවන සිදුවීම් , භාවිතාවන වාග් මාලාව , අවස්ථානුකූලව හැඩගැසීම ආදී කරැනු පිළිබඳ ප්‍රායෝගික දැනුම ලබාදීම.
- දරුවන් , දෙමාපියන්, ගුරුවරියන් අතර අන්‍යොන්‍ය සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම ආදී ප්‍රධාන අරමුණු කිහිපයක් මූලිකව මෙම සිඟිති පොළ පවත්වන ලදි.
එමෙන්ම ප්‍රධාන වශයෙන් දරුවන් ඉතිරිකිරීමට හුරුකිරීම සහ සකසුරුවම පිළිබඳ අවබෝධය ලබාදීමට , ඔවුන් උපයාගත් මුදල් තැන්පත් කිරීම සඳහා DFCC බැංකුව මගින් ජංගම බැංකු සේවාවක්ද ක්‍රියාත්මක කරන ලදි.
2023-03-06 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න