බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා දිනයද එයට සමගාමීව පවත්වන ලදි. මෙහිදී දරුවන්ට පෙරදී අප විසින් ප්‍රායෝගිකව සිදුකලාවූ පැල සිටුවීම, ගස්වැල් , පෝෂණය , සෞඛ්‍යය පුරුදු ආදී මාතෘකා දරුවන්හට නැවත මතක් කිරීමක් සිදුකරන ලද අතරම , තමන් විසින් තම ගෙවත්තෙන් ලබාගන්නා සෞඛ්‍යාරක්ෂිත එලවලු , පලතුරු ආදියෙන් ලබාගන්නා සමබල ආහාර වේලක වටිනාකම, ශරීර සුවතාවය පවත්වාගැනීමට සිදුකල යුතු ව්‍යායාම ආදිය පිළිබඳවද දැනුවත් කරන ලදි. මෙහි ආරාධිත අමුත්තන් වශයෙන් බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේ සම්බන්ධීකාරක, බෝධිරාජ විද්‍යාලයේ සහකාර විදුහල්පති පැතුම් ගුණවර්ධන මහතාද , බෝධිරාජ විද්‍යාලයේ ක්‍රීඩා අංශ බාර සන්ධ්‍යා ගුරුතුමියද සහභාගි වන ලද අතර සන්ධ්‍යා ගුරුතුමිය විසින් පෝෂණය සහ ව්‍යායාම කිරීමේ වැදගත්කම පිළිබඳ පැමිණි දෙමාපියන් දැනුවත් කිරීමද සිදුකරන ලදි. මෙහි දෙවන අදියර 2023.03.24 සිකුරාදා දින පැවැත්වීමට නියමිතවේ.
2023-03-29 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න