බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්ර 2023.04.03 සහ 04 යන දෙදින තුලදී පවත්වන ලදි , මෙහිදී දරුවන්ට නව අවුරුද්ද උදාව සමග සිදුවන පාරිසරික වෙනස්වීම් ඇතුලු සම්පූර්ණ ක්‍රියාවලිය, ජන ක්‍රීඩා , ආදිය පිලිබඳ ප්‍රායෝගික දැනුම සමග අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ගේ විනෝදාස්වාදය අරමුණු කරගනිමින් මෙම දෙදින තුල නර්තනාංග ඇතුලු විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලදි.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩමවා වදාල අතර උඩවලව යුධ හමුදා කඳවුරේ මේජර් වරැණද සිල්වා මහතා , කැප්ටන් චතුරංග රත්නායක මහතා , බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිනි ඉන්දිකා අංගම්මන මහත්මිය , හාගල බෝධිරාජ ලමාසම්පත් මධ්‍යස්ථානයේ කළමණාකරු සහ බෝධිරාජ පිරිවෙන් ආචාර්ය චමල් ඉන්දික ගමගේ මහතා , ඇඹිලිපිටිය කලාප කාර්යාලයේ පෙරපාසල් අංශ භාර සුජාතා මහත්මිය සහභාගි වන ලදි. පාසලේ දෙමාපියන් සියලු දෙනාද දරුවන් මෙන්ම එකම ඇඳුමකින් ( ඔසරිය , සරම කමිසය) සැරසී පැමිණීමද මෙහි විශේෂ අවස්ථාවකි.
2023-05-17 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න