නවතම ලිපි

උපන්දින සමරු පිංකම

ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් ආශිර්වාද පිංකම් හා සමාජ සත්කාර ගණනාවක් ම දිවයිනේ විවිධ ස්ථානවල සිදු කෙරිණ. ප්‍රධානම උත්සවය ඇඹිලිපිටිය ධර්‍මායතනයේ දී සිදු කෙරැණු අතර එහිදී අටවිසි බුද්ධ පූජා සහ ධම්මචක්කසූත්‍ර දේශනාව පූජ්‍යපාද ගණේකුඹුරේ සාන්ත හිමිපාණන් විසින් මෙහෙයවන ලදී. ප්‍රතිලාභීන් තුන් දහසකට වැඩි පිරිසක් සහභාගී වූ ආහාරපාන දන්සැලක් ද මෙහිදී පැවැත්විණ. With utmost respect to the teacher Ven. Omalpe Nayaka Maha Thero, Students and devotees of Embilipitiya Organized a blessing ceremony on 26 May 2026. Including Dhammachakka Sutra Ganekumbure Santa Maha Thero. The event was more blissful with the food ofering (Dansela) service where more than 3000 people were participated.


2026-06-23 දින ප්‍රකාශයට පත් කරන ලදි.

වැඩසටහන්

  • මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.
    බුද්ධ මන්දිරය, වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම සහ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.
    2023-03-04 පෙ.ව 10.00ට

  • නවක පෙරපාසල් දරු දැරියන් පිලිගැනිමේ වැඩසටහන.
    නවක පෙරපාසල් දරු දැරියන් පිලිගැනිමේ වැඩසටහන, 2023 ජනවාරි මස 17 වනදින බොධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේදී සිදු කිරීමට නියමිතයි.
    2023-01-17

  • පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022 දෙසැම්බර් 07
    2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩසටහන සිරස FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කළ අතර මෙම පෝදා වැඩසටහන සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා සහභාගී වුහ.
    2022-12-07 උදෑසන සිට

  • ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
    ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝෂණය විම යන අරමුණින් ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණි.
    2022-12-03

  • 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
    2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන ‍වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වූ වගයි. ඒ සඳහා ගරු ශ්‍රි බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ හිටපු පරිවේණාධිපති හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා ගුරු හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් පැවැත් විය.
    2022-12-01


නවතම ලිපි