නවතම ලිපි

උපන්දින ප්‍රජා සේවා

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පවත්වන ලද ලේ දන්දීමේ මහා පුණ්‍යකර්‍මයේ අනුස්මරණීය අවස්ථා. මෙදිනම පලතුරු පැළ බෙදා හැරීමක් ද සිදු කෙරිණ. Photos of the Blood Donation Camp organized by the New Friends Net Work of Akkara 500 Embilipitiya to commomerate the 76th birth day of Most Venerable Omalpe Sobhita Nayaka Maha Thero on 26 May 2026. Various fruit plants also were distributed among the blood doners.


2026-06-23 දින ප්‍රකාශයට පත් කරන ලදි.

වැඩසටහන්

  • මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.
    බුද්ධ මන්දිරය, වාහල්කඩ සහිත ප්‍රාකාරය විවෘත කිරීම සහ අභිනව චෛත්‍යරාජයාණන් වහන්සේට මුල් ගල් තැබීමේ පුණ්‍යමහෝත්සවය.
    2023-03-04 පෙ.ව 10.00ට

  • නවක පෙරපාසල් දරු දැරියන් පිලිගැනිමේ වැඩසටහන.
    නවක පෙරපාසල් දරු දැරියන් පිලිගැනිමේ වැඩසටහන, 2023 ජනවාරි මස 17 වනදින බොධිරාජ ජාත්‍යන්තර පෙරපාසලේදී සිදු කිරීමට නියමිතයි.
    2023-01-17

  • පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022 දෙසැම්බර් 07
    2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩසටහන සිරස FM ගුවන් විදුලිය ඔස්සේ සජීවීව විකාශය කළ අතර මෙම පෝදා වැඩසටහන සදහා ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගෞරවණිය ස්වාමීන් ස්වාමීන් වහන්සේලා සහභාගී වුහ.
    2022-12-07 උදෑසන සිට

  • ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022
    ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ අභය දාන යාත්‍රා සංවිධානය මගින් සංවිධානය කරන ලද ලෝක ආබාධිත දින සැමරුම් වැඩ සටහන 2022 දෙසැම්බර් මස 03 වන සෙනසුරාදා දින ඇඹිලිපිටිය සඳතරු හෝටලයේ දී පැවැත්වුනු අතර ආබාධ සහිත ප්‍රජාවගේ හිමිකම් සහතික කිරීම, ආරක්ෂිත හා සාධාරණ ලෝකයක් පෝෂණය විම යන අරමුණින් ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණි.
    2022-12-03

  • 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
    2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන හා මධ්‍යම වාරයේ සමාප්තිය වැඩසටහන ‍වර්තමාන කෘත්‍යාධිකාරි දර්ශනගම දර්ශන ගිරි විහාරාධිපති අතිපූජ්‍ය ඇඹිලිපිටියේ ඉන්දරතන මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු වූ වගයි. ඒ සඳහා ගරු ශ්‍රි බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ හිටපු පරිවේණාධිපති හිමි ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ හා ගුරු හිමිවරුන්ගේ සහභාගිත්වයෙන් සාර්ථක අන්දමින් පැවැත් විය.
    2022-12-01


නවතම ලිපි