බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘතව තිබේ. වඩුකර්මාන්තය, ඇඳුම් සැකසීම, රූපලාවන්ය, ආහාර සැකසීම හා පරිගනක පුහුණුව ආදී පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 150ක් පමණ මෙමගින් පුහුණුව ලබති.
වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ මේ සේවාව පවත්වාගෙන යනු ලැබේ. මෙවන් සේවාවක අත්‍යවශ්‍යතාව බෝධිරාජ පදනමට පෙනීගියේ 1971 සහ 1989 වසරවල හටගත් අසහනකාරී තරුණ නැගිටීම් ඇතුළු ව්‍යසනකාරී තත්වයන් නිසාය. සාමාන්‍ය තරඟ විභාගවලින් ඉහළට මතු නොවන, එහෙත් විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් විශාල පිරිසකට තම අනාගතය පිළිබඳ බිඳ වැටුනු බලාපොරොත්තු සමග ඇතිවන කළකිරීම, එපාවීම ආදී මානසික අසහනය නැතිකර නව අපේක්ෂාවන් යටතේ දක්ෂතා ප්‍රගුණ කරගන්නට මේ ආයතනය මගින් සැලසෙන සේවාව අතිමහත්ය.
මේ යටතේ දැනට පාඨමාලා 04 ක් ක්‍රියාත්මක වේ.
2021-03-10 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න