ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ මහා පිංකම පසුගිය විසි දෙවන සඳුදා දින ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදෙස් පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රවේදී රන්නේ ඉන්දසාර හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මගින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මේ සඳහා ප්‍රධාන සත්කාරත්වය දරන ලද්දේ කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානය, කාම්බෝජයේ විපස්සනා දුර භාවනා මධ්‍යස්ථානය සහ හම්බන්තොට ප්‍රාදේශීය සංඝ සභාව මගිනි. පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ මෙම උත්සව අවස්ථාව හා පිංකම සදහා විශේෂ ආරාධනය පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා හා දහම් අධ්‍යාපන පිරිවෙන් හා භික්ෂු උසස් අධ්‍යාපන අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා සහභාගි වන ලදී.මෙම ආගමික කටයුත්තට සමගාමීව සංස්කරණය කරන ලද නව සාමණේර බණ දහම් පොත එළිදැක්වීම, මහා සංඝරත්නය කෙරෙහි පිරිකර සහිත සංඝගත දක්ෂිණාව හා කුල කුමරකු සසුන් ගත කිරීමද සිදුවිය. ඊට නන් අයුරින් සහය දැක්වූ ගිහි පැවිදි සියලුදෙනාට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පුද කරමු.
2021-03-11 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න