ආශිර්වාද පූජාව 2021
උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ධම්මදූත විහාරාධිකාරි විජේරියේ විමල ස්වාමින් වහන්සේගේ සහ ඇඹිලිපිටියේ සුමන ස්වාමීන් වහන්සේ ගේ මෙහෙයවීමෙන් ධම්මදූත විහාරයේ දායක සභාව විසින් පස්වන වරටත් සංවිධානය කර තිබූ සෙත් පිරිත් දේශනාව හා පිරිත් පැන් බෙදා දීම ඉතා සාර්ථක අන්දමින් 2021 ජනවාරි මස පළමුවන දින පැවැත්වුණි. උදෑසන 7.00 සිට ආරම්භ වූ මෙම සත්ක්‍රියාව කොළඹ - නුවර මාර්ගයේ ගමන් කරන රථ වාහන සඳහා හා අවට ගම් වාසීන්ට ආශිර්වාද පතා පිරිත් පැන් බෝතල් 1500 ක් පිරිත් කර බෙදා දෙන ලදී.
ඊට අමතරව මේ දිනවල ගෝලිය වශයෙන් පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වය දුරු වීමට ආශීර්වාද කිරීම ද මෙහි තවත් එක් අරමුණකි. ඒ සඳහා දායක වූ සියලු පින්වතුන් හට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න