ඇඹිලිපිටිය - PCR යන්ත්‍රය. ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාවයි. Embilipitiya PCR Machine. Grateful Thanks!
2021-06-20 දින ප්‍රකාශයට පත් කරන ලදි.
වැඩිහිටි පැවිදි පිංකම.
පහුගිය දුරුතු මස 28 වන පුන් පොහෝ දින ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සංවිධානය කර තිබූ මෙම වැඩසටහන යටතේ සසුන් ලැදි බෞද්ධ පුත්‍රයකු වනු පින්වතු කැමති පින්වතුන් තිදෙනෙකු උතුම් පැවිදි දිවියට සැපත් විය.මෙම පින්කම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූයේ කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රටේ උද්ගතව ඇති වටපිටාවට නීතිරීතිවලට යටත් ව ඉතා සෞඛ්යාරක්ෂිත අන්දමිනි.
අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි කොළඹ ධර්මවිජය පදනමේ අනුග්‍රාහකත්වයෙන් ඇඹිලිපිටියේ ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී මෙම උත්සවය පැවැත්විණි.පුෂ්පකුමාර අතුකෝරාල මහතා චන්ද්‍රසේන ද සිල්වා මහතා ආනන්ද සොයිසා මහතා යන උතුම් ගිහි සැදැහැවතුන් තිදෙනා මෙහිදී උතුම් ප්‍රවෘජ්‍යා භූමියට සැපත් විය. සාම්ප්‍රදායානුකූලව ගිහි බවින් මිදී පැවිදි බිමට පත් වීමේදී පිරිනැමෙන පැවිදි නාමයන් ධම්මවිජය, සුගත ධම්ම , ධම්මදේව යන පැවිදි නාමයන් ලැබුණි.මෙහිලා විවිධාකාරයෙන් උපකාර කළ සැමට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පිරිනමමු.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න