පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය 25 වන බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් අන්දමින් කොරෝනා නීති රීති වලට අනුකූලව සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විණි. පෙරවරු 8.00 සිට 11.30 පමණ වන තෙක් පැවැත්වුන අතර පූර්ව ළමාවිය සංවර්ධන පාඨමාලාව ඉතා මැනවින් සම්පූර්ණ කළ සිසුන් දෙසිය හතළිහක් සඳහා සහතිකපත් හා පදක්කම් පිරිනැමිණි.
මේ සඳහා ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්, පූජ්‍ය ඉන්දසාර ස්වාමීන් වහන්සේ හා බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගී විය. ගුරුවරුන්ගේ ආදරණීය රැකවරණය මත සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් බෞද්ධ ආරාමීය පරිසරයක් තුළ ඉංග්‍රීසි භාෂාව ඔස්සේ තම දක්ෂතා ඔප් නංවා ගත් මෙම දූදරුවන් මතු අනාගත පරපුරට මහඟු දායාදයක් වනු නොඅනුමානය.
2021-03-12 දින ප්‍රකාශයට පත් කරන ලදි.
නවතම ලිපි
සිය නිර්මාතෘවර ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආශිර්වාද පූ... වැඩිදුර කියවන්න
ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05.26 දින පව... වැඩිදුර කියවන්න
ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්මාතෘෘවරයාණන් වූ ආචාර්ය්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම සංවත්සරය ... වැඩිදුර කියවන්න
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය හාගල. ජන ක්‍රීඩා,අවුරුදු ක්‍රීඩා,ඔංචිලි වාරම්,රබන් පද ගායනය හා වාදනය ආදිය පිළිබද ව ප්‍රායෝගිකව දරුවන්ට දැනුම ආකල්ප හා ක... වැඩිදුර කියවන්න