ඇඹිලිපිටිය කලාපයේ පිරිවෙන් සංවර්ධන කමිටුව නිර්මාණය කරයි
ඇඹිලිපිටිය කලාපයේ සියලු පිරිවෙන්වල කෘත්‍යාධිකාරී හා පරිවේනාධිපති ස්වාමීන්වහන්සේලාගේ සහභාගීත්වයෙන් හා ප්‍රදේශයේ සම්භාවනීය හිතවතුන්ගේ ද එකතුවෙන් නිර්මාණය වූ මෙම කමිටුව සඳහා නව නිලධාරී මණ්ඩය තෝරා පත්කරගැනීම මාර්තු මස 25 දින ඇඹිලිපිටිය - ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේ දී සිදුකෙරිණි.
කලාපයේ පිරිවෙන් සංවර්ධනය හා සාමණේරයන් වහන්සේලාගේ අභිවෘද්ධිය පිණිස ක්‍රියාත්මකවීම මෙහි ප්‍රමුඛ අරමුණ වෙයි. සංවර්ධන කමිටුවේ අභිනව ලේඛකාධිකාරී ධූරයෙන් පිදුම් ලද ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙනේ පරිවේනාධිපති ශාස්ත්‍රාචාර්ය මුවන්තැන්නේ සෝමවංශ හිමිපාණන් ඇතුළු සියලු දෙනාට අපගේ සුබපැතුම් එක්කරමු. මෙහිලා ඇපකැපවී කටයුතු කරන ලද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමිපාණන් වහන්සේට කෘතවේදිත්වය පළකර සිටිමු.
තවද ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේ විසින් සංස්කරණය කරන ලද සාමණේර බණදහම් පොත කලාපයේ පිරිවෙන් ආයතන සඳහා පරිත්‍යාග කිරීමද මෙහිදී සිදුවිය.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ සිසු සිසුවියන් විසින් පොසාන් පොහොය නිමිතිකර ගනිමින් ඉදිරිපත් කරන ලද "පොසොන්...
නවක සිසුන් බඳවා ගැනීම
ශ්‍රී බෝධිරාජ පදනම මගින් ක්‍රියාත්මක කරනු ලබන අධ්‍යාපනික සංවර්ධන වැඩසටහන් අතරින් තවත් එක් වැඩසටහනක් වන හාගල ළම...
2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචනය හා මධ්‍යම වාරයේ සමාප්තිය
2022 දෙසැම්බර් මස 01 වන බ්‍රහස්පතින්දා දින ශ්‍රී බෝධිරාජ ධර්මායතන පිරිවෙනෙහි පැවැත්වූ වර්ෂාවසාන ප්‍රගති සමාලෝච...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ.