පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ පෙර පාසල් සමූහය - ඇඹිලිපිටිය

බෝධිරාජ පෙර පාසල් සමූහය - ඇඹිලිපිටිය

බෝධිරාජ පෙර පාසල බෞද්ධ හැදියාව පෙරටු කරගත් පෙර පාසල් අධ්‍යාපනය මගින් අනාගත පරපුර දැනුමෙන් හා ගුණයෙන් පරිපෝෂණය කරලීම සඳහා ආයතන 3 ක් පවත්වා ගෙන යනු ලැබේ. හිඟුරආර, තෙල්බදුආර, හාගල යන ගම්වල ස්ථානගතව ඇති මේ පෙරපාසල්හි දැනට දරු දැරියන් 600 ක් පමණ ඉගෙනුම ලබන අතර, හාගල මධ්‍යස්ථානයේ පෙරපාසල් ගුරුවරියන් පුහුණු කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක ය.

බෝධිරාජ පෙර පාසල් සමූහය - ඇඹිලිපිටිය

කුඩා දරුවන් පාසල් අධ්‍යාපනයට හුරු පුරුදු කිරීම පෙර පාසලේ මූලික අවශ්‍යතාව කරගෙන ඇති පරිසරය තව දුරටත් පුළුල් කරගෙන ඉටුකරන සේවාවක් බෝධිරාජය මගින් අත්දකිමින් තිබීම මෙහි විශේෂත්වය යි. දෙමාපියන්ට හා ගුරුවරුන්ට වැඳීම, ගරුකිරීම, අවනත වීම ඇතුළු බෞද්ධ සාරධර්ම තහවුරු කරමින් චාරිත්‍ර වාරිත්‍ර පුහුණුව ද මෙහි අනුගත පාඨමාලාවට අයත් ය.

තමා වෙත සුළුවෙන් හෝ උදව්වක් උපකාරයක් පරිත්‍යාගයක් කරන කවරෙකුට වේවා ස්තුතියි යන වචනයෙන් කෘතගුණ දැක්වීම සඳහා මේ පාසල් තුළින් දරුවන්ට දෙන පුහුණුව, සුළුයැයි කියා බැහැර නොකර අප රටේ සියලුම දෙනා විසින් ම උගතයුතු පාඩමකි. සමස්ත ජාතියම සතුව පවත්නා මේ බරපතළ අඩුව අනාගත පරපුර තුළින්වත් සපිරේය යන්න බෝධිරාජයේ ප්‍රාර්ථනාවයි.