පළමුවන ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගැනීම
ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ විද්‍යාලයේ 2021 වර්ෂය සදහා පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම පසුගිය 15 වන සදුදා දින සිදුකෙරිණි. උදෑසන 8.00 ට ආරම්භ වූ එම වැඩසටහන, විද්‍යාලයේ නිර්මාතෘවර ආචාර්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ අනුසශාසනා පරිදි බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිනිය වන , ඉන්දිකා අන්ගම්මන මහත්මියගේ මෙහෙයවීමෙන් ඉතා ගෞරවණීය හා සෞඛ්‍යාරක්ෂිත ලෙස සිදුකරන ලදී.
ඒ සදහා විශේෂ ආරාධනය ලැබ, ඇඹිලිපිටිය කලාප කාර්යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබද සම්බන්ධීකරණ නිලධාරී අබේසේකර මහතා ද ශ්‍රි ලංකාවේ ඉතා ජනප්‍රිය සේම ආදර්ශමත් ශිෂ්‍ය චරිතයක් වන ශුක්රා මුනව්වර් මෙනෙවියද ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තු ප්‍රධාන කාර්යාලය නියෝජනය කරමින් කර්නල් ඩී.ඒ සිරිමාන්නගේ මහතා ද සහභාගී විය. එහිදී සිසු දූ දරුවන්ගේ විශේෂාංග කිහිපයක් සමග පැමිණ සිටි විශේෂාරාධිත මහත්ම මහත්මීන් ද අදහස් දක්වා නවක සිසුකැළට ආසිරි පතන ලදී. බෝරද මවු සෙවනට සමීප වූ සියලු සිසු දරුදැරියන් පැහැබර අනාගතයකට සුබාසිරි පතන්නෙමු.
අනෙකුත් පුවත්
ආශිර්වාද පූජාව 2021
උදාවුණු වසරට සෙත් පතා මාවනැල්ල උතුවන්කන්ද ධම්මදූත විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේග...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහන
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2022 වර්ෂාවසාන ප්‍රගති සමාලෝචන වැඩ සටහන හා 2023 ප්‍රථම වාරයේ ආරම්භක වැඩසටහ...
බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.
2024.06. 05 දින ගෞරවනීය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සහ බෝධිරාජ ළමා සම්පත් මධ...
හරිත මාසය 2024 බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය හොඳම ඉගෙනුම් පරිශ්‍රය. අපේ මව් බිමට ආදරය කර සුරකින්න
අපේ මව් බිමට ආදරය කර සුරකින්න ප්ලාස්ටික් තරංගය බිඳ දමන්න ප්ලාස්ටික් මාමා සමග එකතු වෙන්න. GoR ප්‍රතිචක්‍රීකරණ ම...