Sri Bodhiraja Foundation
Home වෘත්තීය පුහුණු සේවාවන් බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

වෘත්තීය පුහුණු සේවාවන් 2021-03-10

‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘතව තිබේ. වඩුකර්මාන්තය, ඇඳුම් සැකසීම, රූපලාවන්ය, ආහාර සැකසීම හා පරිගනක පුහුණුව ආදී පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 150ක් පමණ මෙමගින් පුහුණුව ලබති.

වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ මේ සේවාව පවත්වාගෙන යනු ලැබේ. මෙවන් සේවාවක අත්‍යවශ්‍යතාව බෝධිරාජ පදනමට පෙනීගියේ 1971 සහ 1989 වසරවල හටගත් අසහනකාරී තරුණ නැගිටීම් ඇතුළු ව්‍යසනකාරී තත්වයන් නිසාය. සාමාන්‍ය තරඟ විභාගවලින් ඉහළට මතු නොවන, එහෙත් විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් විශාල පිරිසකට තම අනාගතය පිළිබඳ බිඳ වැටුනු බලාපොරොත්තු සමග ඇතිවන කළකිරීම, එපාවීම ආදී මානසික අසහනය නැතිකර නව අපේක්ෂාවන් යටතේ දක්ෂතා ප්‍රගුණ කරගන්නට මේ ආයතනය මගින් සැලසෙන සේවාව අතිමහත්ය.

මේ යටතේ දැනට පාඨමාලා 04 ක් ක්‍රියාත්මක වේ. 01. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී 02. සූපවේදී 03. වඩු කාර් මික 04. මැහුම් පාඨමාලාව (කාන්තා හා ළමා)

අනෙකුත් පුවත්

උපන්දින සමරු පිංකම
23 JUN 2026

උපන්දින සමරු පිංකම

ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝ...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.
15 NOV 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ පවත්වන ලද චිත්‍ර තරඟය.

2023.11.13 වන දින ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 14ක් ඇඹිලිපිටිය ශ්‍රී කාවන්තිස්ස පන්සලේදී පවත්වන ලද චිත්‍ර ...

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.
03 AUG 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.

ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම 2024.07....

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.
01 JAN 2024

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන.

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා ජාත්‍යන්තර ලෝක අාබාධිත දිනයට සමගාමිව පවත්වනු ලැබු ගී සැදෑව වැඩසටහන...

මුල් පිටුවට ආපසු යන්න