Sri Bodhiraja Foundation
SriBodhirajaInternational Meditation Centre

SriBodhirajaInternational Meditation Centre

Today is 2026
November
28
Saturday

ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි. පසුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී. පදනම ආරම්භයේ සිටම, අසරණ සහ අවාසි සහගත සහ ඔවුන්ගේ ජනවාර්ගික හෝ ආගමික පසුබිම නොසලකා සමාජයේ පොදුවේ සලකනු ලබන අසරණ සහ අවාසි සහගත අයගේ ජීවන තත්වයන් සහ සදාචාරාත්මක දෘෂ්ටිය ඉහළ නැංවීමට ක්‍රියාකාරීව නිරත වී සිටී.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය...”

“බොහෝ ජනයාගේ හිතසුව පිණිස ධර්ම චාරිකාවේ හැසිරෙන්න”

ශ්‍රී බෝධිරාජ පදනම යනු බුදු දහම පාදක කොට ගෙන සමාජ සුභසාධනයට කැප වුනු ලාභ නොලබන සංවිධානයකි. ආචාර්ය පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමිපාණන් විසින්, ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතනය මුල් කරගෙන 1991 දී ආරම්භ කරන ලද මේ සේවා සංචිතය 1993 දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සංස්ථාගත ආයතනයක් ලෙසින්ද පිළිගැනින. අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, සදාචාර ආදී සෑම සමාජ සුභසාධන ක්ෂේත්‍රයකම පැතිර ගිය සේවාවන් රැසක නියැලී සිටින මේ ආයතනය ජනතාවගේ ආධ්‍යාත්මික සුභ සිද්ධිය එකම අපේක්ෂාව ලෙස සලකා සම්මා වායාමය පෙර දැරිව ක්‍රියාත්මක පවතියි. Read More

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
Springwood, Rakwana • Alt. 2,400 ft
ආධ්‍යාත්මික සුවය

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

රක්වාන සූරියකන්ද සිසිල් කඳුකර පරිසරයේ අක්කර 7ක නිහඬ වන අරණක පිහිටි සුවදායක තපෝ භූමිය. දේශීය මෙන්ම විදේශීය යෝගීන් උදෙසා දෛනික ජීවිතයේ පීඩනයෙන් මිදී සිත පහන් කර ගැනීමට නොමිලේ නේවාසික භාවනා පහසුකම් සලසයි.

100+ ශාලා ධාරිතාව 40 නේවාසික පහසුකම් 100% නොමිලේ ආහාර හා නවාතැන්
Woon Oon Social welfare Program
Woon Oon Social welfare Program
Watch on YouTube
Monk Ordination at Dhammaduta
Monk Ordination at Dhammaduta
Watch on YouTube
Opening Ceremony of Preaching Hall
Opening Ceremony of Preaching Hall - ශ්‍රී සෝභිත ධර්ම මන්දිරය, Dhammaduta
Watch on YouTube

Programs & Events

Foundation Stone Laying Ceremony

Opening of Shrine Room and Alms Hall, and Foundation stone laying for the new Stupa.

2023-03-04 පෙ.ව 10.00ට
Welcome Ceremony for New Preschool Students

Welcome ceremony for new preschool children at Bodhiraja International Preschool.

2023-01-17
Poya Day Dhamma Program

Sirasa FM live broadcast on December 07, 2022.

2022-12-07
SoundCloud Audio Sermons
Official
Sri Bodhiraja School for Children with Special Needs
Special Education • විශේෂ අධ්‍යාපන සත්කාරය
සෙනෙහසේ නවාතැන

ශ්‍රී බෝධිරාජ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසල

සෙනෙහෙබර හා සුරක්ෂිත පරිසරයක් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කායික හා මානසික හැකියාවන් ඔප්නංවමින්, ඔවුන්ට ආත්ම අභිමානයෙන් යුතුව තම උපරිම දක්ෂතා කරා ළඟාවීමට ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල මගපෙන්වයි.

නවතම ලිපි

උපන්දින ප්‍රජා සේවා
23 JUN 2026

උපන්දින ප්‍රජා සේවා

ඇඹිලිපිටිය අක්කර 500 New Friends Net Work තරුණ සොයුරු පිරිස, ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනය නිමිත්තෙන් 2026.05...

උපන්දින සමරු පිංකම
23 JUN 2026

උපන්දින සමරු පිංකම

ශ්‍රී බෝධිරාජ පදනම හා බැඳුණු ජාතික ජාත්‍යන්තර සේවාවන් මහ රැසක නිර්‍මාතෘෘවරයාණන් වූ ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්ගේ 76 වැනි ජන්ම...

උපන්දින ආශිර්වාද පූජාව
23 JUN 2026

උපන්දින ආශිර්වාද පූජාව

සිය නිර්මාතෘවර ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ජන්ම දිනයට සෙත්පතා බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 400 කට අධික දූ දරු පිරිස ආ...

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .
05 AUG 2024

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .

වෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන 2024.05.22 දින පාසල් භූමිය තුලදි ...

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
Early Childhood Education • පෙර පාසල් අධ්‍යාපනය
අනාගත පරපුරේ පදනම

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල

ළදරු විය යනු හැකියාවන් පිළිබඳ බීජ වැපිරීමට සුදුසු සාරවත් කෙත්බිමකි. මේ සත්‍ය වූ න්‍යාය ක්‍රියාවට නංවා විශ්මිත ප්‍රතිඵල අත්දකින්නට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දෙමාපියෝ භාග්‍යවන්ත වී සිටිති.

ජාත්‍යන්තර විෂය මාලාව පළපුරුදු ගුරු මණ්ඩලය පෞරුෂ හා සාරධර්ම සංවර්ධනය