Sri Bodhiraja Foundation
Home වෙනත් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය

වෙනත් 2023-05-17

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්ර 2023.04.03 සහ 04 යන දෙදින තුලදී පවත්වන ලදි , මෙහිදී දරුවන්ට නව අවුරුද්ද උදාව සමග සිදුවන පාරිසරික වෙනස්වීම් ඇතුලු සම්පූර්ණ ක්‍රියාවලිය, ජන ක්‍රීඩා , ආදිය පිලිබඳ ප්‍රායෝගික දැනුම සමග අත්දැකීම් ලබාදෙමින් ඔවුන්ගේ විනෝදාස්වාදය අරමුණු කරගනිමින් මෙම දෙදින තුල නර්තනාංග ඇතුලු විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලදි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් වැඩමවා වදාල අතර උඩවලව යුධ හමුදා කඳවු⁣රේ මේජර් වරැණද සිල්වා මහතා , කැප්ටන් චතුරංග රත්නායක මහතා , බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිනි ඉන්දිකා අංගම්මන මහත්මිය , හාගල බෝධිරාජ ලමාසම්පත් මධ්‍යස්ථානයේ කළමණාකරු සහ බෝධිරාජ පිරිවෙ⁣න් ආචාර්ය චමල් ඉන්දික ගමගේ මහතා , ඇඹිලිපිටිය කලාප කාර්යාලයේ පෙරපාසල් අංශ භාර සුජාතා මහත්මිය සහභාගි වන ලදි. පාසලේ දෙමාපියන් සියලු දෙනාද දරුවන් මෙන්ම එකම ඇඳුමකින් ( ඔසරිය , සරම කමිසය) සැරසී පැමිණීමද මෙහි වි⁣ශේෂ අවස්ථාවකි.

අනෙකුත් පුවත්

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023
24 JAN 2023

ඵලදායිතා සංකල්පය පිලිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ ධර්මායතන පරිවේනාධිපති හිමියන් ප්‍රමුඛ ඇඳුරු මඩුල්ල, ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සහ සිසු දර...

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව
18 OCT 2023

හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ එක්දින චාරිකාව

මෙවර ලෝක ළමාදින තේමාවට සමගාමිව හිඟුර ආර ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් 2023.10.11 වන දින එක්දින චාරික...

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.
18 MAR 2024

2024.03.18 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය.

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය. කොළ පාට යන්න ජලය සුරකින්න ප්ලාස්ටික් නැත සොබාදහම...

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්න...

මුල් පිටුවට ආපසු යන්න