පුවත්
ශ්‍රී බෝධිරාජ පදනම 1991 දී පිහිටුවන ලද ලාභ නොලබන පුණ්‍යායතනයකි.සුව එය ශ්‍රී ලංකා පාර්ලිමේන්තු පනතක් යටතේ නිසි පරිදි සංස්ථාගත කරන ලදී.ශ්‍රී බෝධිරාජ පදනමේ වාර්ෂික මහා පුණ්‍ය සත්කාර වැඩසටහන් මාලාව.උපන්දින ප්‍රජා සේවාඋපන්දින සමරු පිංකමඋපන්දින ආශිර්වාද පූජාවවෙසක් පෝය නිමිති කර ගනිමින් ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා සංවිධානය කරනලද සීල සමාදාන වැඩ සටහන .ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ "පොසොන් බැති ගී සරණිය " විශේෂාංග වැඩ සටහන.ශ්‍රී බෝධිරාජ පදනමේ අනුග්‍රහයෙන් පවත්වනු ලබන විශේෂ පාසලේ එක්දින චාරිකාව.ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින්ගේ කොන්ඩා කැපිම.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය - විශේෂ මල් පූජාව.බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානය - හිගුර-ආර - සිඟිතිපොළ.බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්‍රය ඇඹිලිපිටිය වාර්ෂික ළමා ඇසළ පෙරහැර 2024.
ශ්‍රී බෝධිරාජ පදනම
මුල් පිටුව ආගමික සේවාවන් ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම

ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම

ආගමික සේවාවන් 2021-03-11

අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ මහා පිංකම පසුගිය විසි දෙවන සඳුදා දින ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදෙස් පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රවේදී රන්නේ ඉන්දසාර හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මගින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

මේ සඳහා ප්‍රධාන සත්කාරත්වය දරන ලද්දේ කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානය, කාම්බෝජයේ විපස්සනා දුර භාවනා මධ්‍යස්ථානය සහ හම්බන්තොට ප්‍රාදේශීය සංඝ සභාව මගිනි. පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ මෙම උත්සව අවස්ථාව හා පිංකම සදහා විශේෂ ආරාධනය පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා හා දහම් අධ්‍යාපන පිරිවෙන් හා භික්ෂු උසස් අධ්‍යාපන අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා සහභාගි වන ලදී.මෙම ආගමික කටයුත්තට සමගාමීව සංස්කරණය කරන ලද නව සාමණේර බණ දහම් පොත එළිදැක්වීම, මහා සංඝරත්නය කෙරෙහි පිරිකර සහිත සංඝගත දක්ෂිණාව හා කුල කුමරකු සසුන් ගත කිරීමද සිදුවිය. ඊට නන් අයුරින් සහය දැක්වූ ගිහි පැවිදි සියලුදෙනාට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පුද කරමු.

අනෙකුත් පුවත්

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය
22 JUL 2023

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය

ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2023 වර්ෂයට අදාල පළමු වාර පරීක්ෂණය හා පළමුවාර ප්‍රායෝගික පරික්ෂණ 2...

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
30 MAY 2024

2024.04.30 අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.

මෙම විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්‍,...

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.
05 JUN 2024

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්වන ලදී.

වෙසක් පොහොය නිමිතිකොට ගෙන 2024.05.22 දින හිගුර-ආර බෝධිරාජ විහාරස්ථානය තුලදි දරුවන්ගේ සීල සමාදාන් වැඩසටහන පවත්ව...

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.
04 SEP 2023

ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන වෙත ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණය පිණිස බාහාලුමක් භාර දීම.

2023.8.25 දින ඵලදායිතා සංකල්ප යටතේ ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙන් පරිශ්‍රයට එකතු වෙන ප්ලාස්ටික් පරිසරයට ම...

මුල් පිටුවට ආපසු යන්න