ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානය - කඩුවෙල
ථේරීය බෞද්ධ සංස්කෘතිය රජයන කාම්බෝජයේ විශ්මිත කලා කෞෂල්‍යය හා ගෘහ නිර්මාණ ශිල්පය ප්‍රදර්ශනය වන පරිදි, කඩුවෙල ඉහළ බෝමිරියේ අංක 12 / 2 බී දරන ස්ථානයේ ඉදිකෙරුණු මේ ආයතනය දෙරටේ ඓතිහාසික සම්බන්ධය තහවුරු කරලමින් අප රටේ ක්‍රියාත්මක එකම මධ්‍යස්ථානය යි.
අරඹවත්තගේ ඉන්ද්‍රාවතී රොඩ්රිගෝ මුණසිංහ ගුරු මෑණියන් විසින් ශ්‍රී බෝධිරාජ පදනම වෙත පරිත්‍යාග කෙරුණු නිවස සහිත භූමි භාගයේ ක්‍රියාත්මක මේ උදාර ශාසනික සේවාව කාම්බෝජ ජාතික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ ධෛර්ය උත්සාහයේ විශිෂ්ට ප්රතිඵලයකි.
ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන කාම්බෝජ භික්ෂූන් වහන්සේලා 30 නමකට පමණ සෙවණ සලසන මේ ස්ථානය ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාවගේ ආකර්ෂණය දිනා සිටින අන්තර්ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසින් ද සංවිධිත ය. විශේෂ අධ්‍යාපනික අවශ්‍යතා සඳහා යොමුවුණු දරුවන් 25 දෙනෙකුට ද සේවා සලසන මේ ආයතනයේ අධ්යක්ෂ තනතුර දරන්නේ ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය කාම්බෝජයේ කාශ්‍යප (හුම් කම්රා) හිමියන් ය.