Sri Bodhiraja Foundation
Home වෘත්තීය පුහුණු සේවාවන් බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය
බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

බෝධිරාජ වෘත්තීය පුහුණූ මධ්‍යස්ථානය

වෘත්තීය පුහුණු සේවාවන් 2021-03-10

‘‘ හැකියාව ඇති විට රැකියාව පිළිබඳ ප්‍රශ්නයක් පැන නොනගී“ යන සංකල්පය පෙරදැරිව පාසැල් හැරගිය තරුණ තරුණියන් සඳහා බෝධිරාජ වෘත්තීය ම්‍යස්ථානය විවෘතව තිබේ. වඩුකර්මාන්තය, ඇඳුම් සැකසීම, රූපලාවන්ය, ආහාර සැකසීම හා පරිගනක පුහුණුව ආදී පාඨමාලා රැසක් මෙහිදී ක්‍රියාත්මක වන අතර සිසු සිසුවියන් 150ක් පමණ මෙමගින් පුහුණුව ලබති.

වෘත්තිය පුහුණු අමාත්‍යංශයේ අනුග්‍රහය යටතේ මේ සේවාව පවත්වාගෙන යනු ලැබේ. මෙවන් සේවාවක අත්‍යවශ්‍යතාව බෝධිරාජ පදනමට පෙනීගියේ 1971 සහ 1989 වසරවල හටගත් අසහනකාරී තරුණ නැගිටීම් ඇතුළු ව්‍යසනකාරී තත්වයන් නිසාය. සාමාන්‍ය තරඟ විභාගවලින් ඉහළට මතු නොවන, එහෙත් විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් විශාල පිරිසකට තම අනාගතය පිළිබඳ බිඳ වැටුනු බලාපොරොත්තු සමග ඇතිවන කළකිරීම, එපාවීම ආදී මානසික අසහනය නැතිකර නව අපේක්ෂාවන් යටතේ දක්ෂතා ප්‍රගුණ කරගන්නට මේ ආයතනය මගින් සැලසෙන සේවාව අතිමහත්ය.

මේ යටතේ දැනට පාඨමාලා 04 ක් ක්‍රියාත්මක වේ. 01. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශිල්පී 02. සූපවේදී 03. වඩු කාර් මික 04. මැහුම් පාඨමාලාව (කාන්තා හා ළමා)

අනෙකුත් පුවත්

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
15 DEC 2022

පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022

2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ
08 JUL 2023

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ

හිඟුර - ආර බෝධිරාජ ළමා සම්පත් මධ්‍යස්ථානයේ දෙවන අධ්‍යන වාරයේ දෙවන සිඟිති පොළ 2023.06.30 වන දින අති ගෞරවනීය පූජ...

ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
08 JUN 2021

ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.

ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බ...

හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන
11 MAR 2021

හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන

ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ නවක සිසුන් සදහා සංවිධානය කරන ලද හරිත මාසය හදුන්වාදීමේ වැඩසටහන මාර්තු මස 02,...

මුල් පිටුවට ආපසු යන්න