Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021
පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

පෙර පාසල් දරුවන්ගේ උපාධි ප්‍රදානෝත්සවය 2021

අධ්‍යාපනික සේවාවන් 2021-03-12

ඇඹිලිපිටිය, ශ්‍රී බෝධිරාජ පදනම යටතේ පවතින ශ්‍රී බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසැල් වර්ෂාවසාන සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය 25 වන බ්‍රහස්පතින්දා උත්කර්ෂවත් අන්දමින් කොරෝනා නීති රීති වලට අනුකූලව සෞඛ්‍යාරක්ෂිතව පැවැත්විණි. පෙරවරු 8.00 සිට 11.30 පමණ වන තෙක් පැවැත්වුන අතර පූර්ව ළමාවිය සංවර්ධන පාඨමාලාව ඉතා මැනවින් සම්පූර්ණ කළ සිසුන් දෙසිය හතළිහක් සඳහා සහතිකපත් හා පදක්කම් පිරිනැමිණි.

මේ සඳහා ශ්‍රී බෝධිරාජ පදනමේ නිර්මාතෘ පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන්, පූජ්‍ය ඉන්දසාර ස්වාමීන් වහන්සේ හා බෝධිරාජ විද්‍යාලයේ විදුහල්පතිතුමිය ඇතුළු විශේෂ ආරාධිත පිරිසක් සහභාගී විය. ගුරුවරුන්ගේ ආදරණීය රැකවරණය මත සිංහල බෞද්ධ අනන්‍යතාවය සුරකිමින් බෞද්ධ ආරාමීය පරිසරයක් තුළ ඉංග්‍රීසි භාෂාව ඔස්සේ තම දක්ෂතා ඔප් නංවා ගත් මෙම දූදරුවන් මතු අනාගත පරපුරට මහඟු දායාදයක් වනු නොඅනුමානය.

අනෙකුත් පුවත්

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය
12 JUN 2021

16 වසරකට පෙර සිදුකළ ජීවිත පරිත්‍යාගය

සුනාමි සහන මණ්ඩලය නමින් කොටි ත්‍රස්තවාදීන්ට මහා ධනස්කන්ධයක් සමගම ඊළාම් රාජ්‍යය ලබාදීමට එදා චන්දිකා ආණ්ඩුව ගන්න...

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023
01 OCT 2023

ඇඹිලිපිටිය බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ The Best Learning Premises Meditation Program 2023 තුන් වන වරටත් බෝධිරාජ භාවනා ශා...

2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.
29 MAY 2024

2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

2024/04/09 අලුත් අවුරුදු චාරිත්‍ර බොධිරාජ් ලමා සම්පත් මධ්‍යස්ථානය තෙල්බදුආර.

මුල් පිටුවට ආපසු යන්න