ගුණ සමරු පිංකම හා අභිනව මහා නායක හිමි පිළිගැනීම
අපවත් වී වදාළ පරම පූජනීය නාපාන පේමසිරි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ තෙමස් පූර්ණ ගුණ සැමරුම හා සඟ පරපුරේ අපවත්වී වදාළ ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීම, මහාවිහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමල මා හිමිපාණන් වහන්සේ පිළිගැනීමේ මහා පිංකම පසුගිය විසි දෙවන සඳුදා දින ඇඹිලිපිටිය,ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී සිදු කරන ලදී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකා ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ උපදෙස් පරිදි විහාරාධිකාරී ශාස්ත්‍රවේදී රන්නේ ඉන්දසාර හිමියන් ඇතුළු විහාරස්ථ දායක සභාව මගින් මෙම උත්සවය සංවිධානය කරන ලදී.
මේ සඳහා ප්‍රධාන සත්කාරත්වය දරන ලද්දේ කඩුවෙල ජාත්‍යන්තර කාම්බෝජ බෞද්ධ මධ්‍යස්ථානය, කාම්බෝජයේ විපස්සනා දුර භාවනා මධ්‍යස්ථානය සහ හම්බන්තොට ප්‍රාදේශීය සංඝ සභාව මගිනි. පෙරවරු 10.00 ට පමණ ආරම්භ වූ මෙම උත්සව අවස්ථාව හා පිංකම සදහා විශේෂ ආරාධනය පරිදි සබරගමු පළාත් ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා හා දහම් අධ්‍යාපන පිරිවෙන් හා භික්ෂු උසස් අධ්‍යාපන අමාත්‍ය විජිත බේරුගොඩ මැතිතුමා සහභාගි වන ලදී.මෙම ආගමික කටයුත්තට සමගාමීව සංස්කරණය කරන ලද නව සාමණේර බණ දහම් පොත එළිදැක්වීම, මහා සංඝරත්නය කෙරෙහි පිරිකර සහිත සංඝගත දක්ෂිණාව හා කුල කුමරකු සසුන් ගත කිරීමද සිදුවිය. ඊට නන් අයුරින් සහය දැක්වූ ගිහි පැවිදි සියලුදෙනාට කෘතවේදී පුණ්‍යානුමෝදනාව පුද කරමු.
අනෙකුත් පුවත්
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා යටියන සමුහ ව්‍යාපාර අධිපතිතුමාගේ ජන්මදිනය නිමිත්තෙන් කරනු ලබන වැඩසටහන
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා 2019 වර්ෂයේ සිට මේ දක්වා කරගෙන යනු ලැබූ විශේෂ වැඩ සටහනක්වූ යටියන ...
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ශරීර සුවතා දිනය - පලමු අදියර
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ 2023 වර්ෂයේ හරිත මාසයට අදාලව විවිධ ක්‍රියාකාරකම් රාශියක් සිදුකළ අතර ශරීර සුවතා ද...
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය
ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහා පිරිවෙනේ 2023 වර්ෂයට අදාළ පළමු වාර පරික්ෂණය 2023.07.10 දින ආරම්භ වූහ.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල -2023.04.04 දින පවත්වන ලද අවුරුදු උත්සවය
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ සිඟිති බක්මහ උළෙල සහ ඒ හා සමගාමීව පවත්වන ලද අවුරුදු චාරිත්ර 2023.04.03 සහ 04 යන ද...