පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහන
හම්බන්තොට ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් හා පාසල් යාමට කැමැත්තක් නොදක්වන දරුවන් වෙනුවෙන් පාසැල් උපකරණ කට්ටලයක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය මාර්තු 15 වන දින කලබල බිංදු ළමා උද්‍යානයේ දී පැවැත්විණි. අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා මඟ පෙන්වීම මත හා මාගම් නාවික හමුදාකඳවුරේ නිලධාරීතුමන් ඇතුළු පිරිසගේ ආධාරය මත මෙම සමාජ සත්කාරය සිදු කෙරිණි.
මෙම වැඩසටහන සඳහා නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මැතිතුමා, නැටුම් විෂය භාර සුදීකා ගුරුතුමිය, කාංචනා ගුරුතුමිය හා ආයතන කළමනාකරු මංජුල මහතාද සහභාගී විය.මෙහිදී නාගරික මන්ත්‍රී අජිත් ප්‍රසන්න මැතිතුමා විශේෂ දේශනයක් පැවැත්වූ අතර, එහිදී දිනපතා පාසල් යාමේ වැදගත්කම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.දරුවන් ඉතා සතුටින් වැඩසටහන සදහා සහභාගී වූ අතර අධ්‍යාපනය හා එහි වැදගත්කම පිළිබද දැනුමක් ලබා දී දරුවන් දිරිමත් කිරීම ද මෙහි අරමුණු විය. මේ සඳහා සහාය දැක්වූ සියලු දෙනාහට කෘතවේදී ස්තූතිය පුදකර සිටිමු.
අනෙකුත් පුවත්
2024.02.02 බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල හොඳම ඉගෙනුම් පරිශ්රය උපන් දින සැමරුම.
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල ඇඹිලිපිටිය, හොඳම ඉගෙනුම් පරිශ්රය 2024 ජනවාරි උපන් දින සැමරුම.
කැඩුනු බිදුනු පිළිම වහන්සේලා ආදාහනය කිරීම.
ත්‍රිවිධ චෛතය අතර උද්දේශික චෛත්‍ය ලෙස සැලකෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත්කොට කුඩා බුදු කුටියක් සෑම බොදුනු නිව...
වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ පදනමේ මහලේකම් විද්‍යාවේදී අශෝක කන්නන්ගර මහතාණන්ට උපහාර පිදීමේ සම්භාවනීය උත්සවය
ඇඹිලිපිටිය ශ්‍රී බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන සමාරම්භයේ සිට වසර 34 ක ගුරු සේවාව නිමවා විශ්‍රාම යන ශ්‍රී බෝධිරාජ...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසල අධ්‍යාපන චාරිකාව 2022
ශ්‍රී බෝධිරාජ පදනම මගින් සංවිධානය කරන ලද හිඟුර ආර බෝධිරාජ විශේෂ පාසලේ අධ්‍යාපන චාරිකාව 2022 දෙසැම්බර් මස 16...