Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන

බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන

සදාචාරවත් සමාජයක් ගොඩ නැගීමේදී ප්‍රධාන සාධකය වන්නේ යහපත් උපදේශනයයි. එය කළ්‍යාණ මිත්‍ර සේවනය යනුවෙන් ද හඳුනාගනු ලැබ ඇත. මේ කාර්යයෙහි ලා බෞද්ධ සමාජයක ප්‍රධාන වගකීම හිමිවන්නේ භික්ෂූන් වහන්සේට ය. ඒ සඳහා ක්‍රමානුකූල පුහුණුවක් ද සහිතව අත්‍යවශ්‍ය අධ්‍යාපන පහසුකම් සැලසීම සඳහා බෝධිරාජ ධර්මායතන භික්ෂු පුහුණු වැඩසටහන 1988 දී ආරම්භ කෙරින.

බෝධිරාජ ධර්මායතන මහ පිරිවෙන

අධ්‍යාපන අමාත්‍යාංශයේ මහ පිරිවෙනක් ලෙසින් ද අනුමත මේ ආයතනයේ නිරතුරුවම භික්ෂු සාමණේරයන් වහන්සේ 50 නමක් පමණ වැඩ සිටිති. බුදුදහම, පාලි, සිංහල, ඉංග්‍රීසි ආදී විෂය දැනුම පමණක් නොව සුසංවෘත ආකල්පය ඇතුළු ආරාමික චර්යාවන් සමඟ ම මෙත් කරුණාගුණ සපිරි පරාර්ථ චර්යාවන් ගැන ද මෙහිදී ප්‍රායෝගික පුහුණුව ලබාදෙයි.

භික්ෂු පුහුණු වැඩ සටහන සිදු කෙරෙන්නේ දිනපතා උදේ 5.00 සිට රාත්‍රී 10.00 දක්වා ක්‍රියාත්මක වන කාලසටහනක් අනුව ය. යෝග භාවනා හා බුද්ධ වන්දනා මගින් දවසේ ආරම්භය සිදුවන අතර පාරිසරික පවිත්‍රතාවය හා කළමනාකරණය අත්‍යවශ්‍ය අභ්‍යාස වන්නේ ය. හුදු පොතපතේ දැනුමට සීමා වූ පන්ති කාමරගත අධ්‍යාපන රටාවක සීමා නොවී බෞද්ධ සමාජයක විවිධ අවශ්‍යතාවන් ඉටුකරමින් සිදුවන බාහිර ක්‍රියාකාරකම් සඳහා ද මෙහිදී කුඩා භික්ෂූන් වහන්සේලා පුහුණු කරවනු ලැබේ.