செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
Bodhiraja International Meditation Centre • Springwood, Rakwana

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය

බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය
සූරියකන්ද රක්වාන මාර්ගයේ 7 වංගුව (ස්ප්‍රිංවුඩ්) • අක්කර 7ක අරණ්‍යක තපෝ භූමිය

ඉගෙනීම, රැකිරක්ෂා කටයුතු, වෛද්‍ය ප්‍රතිකාර, සමාජ යුතුකම් ආදී නොයෙකුත් වගකීම් වලින් යුතු අනවරත ක්‍රියාදාමයක නියැලී සිටින අපගේ ජීවිතය ගලා යන්නේ නොනැවතී වේගයෙන් ඉදිරියට ගලායන ජල ප්‍රවාහයක් මෙන් ය. ඉඳහිට විවේකයක් ගත්ත ද එය ද ගතවන්නේ හති ඇරීමටත්, සිදුවූ අතපසුවීම් ගැන තැවීමටත්, ඉදිරියේ තැනෙන අහස් මාළිගා ගැන සිතීමටත් පමණ ය. සත්‍ය වශයෙන් ම ඒ මඟින් අප තුළ පවත්නා අසහනය වැඩිවනවා මිස අඩුවීමක් නම් නොවන්නේ ය.

ජීවිතයට පූර්ණ විවේකයක් අවශ්‍ය ය. ඒ විවේකය ලැබෙන්නේ දෛනික පරිසරයෙන් බැහැර නිහඬ නිසංසල තුරුලතා පිරි වන අරණකදී ය. ගතේ දාහය නිවීගොස් සිත පහන් වන්නට පටන් ගන්නේ එබඳු වටපිටාවකදී ය.

සංකීර්ණ සමාජ ජීවිතයේ කාර්යබහුලතාවෙන් මිදී මානසික සහනය සොයන පින්වතුන්ගේ යහපත පතා බෝධිරාජ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානය විවෘත වී තිබේ. සූරියකන්ද රක්වාන මාර්ගයේ 7 වංගුව (ස්ප්‍රිංවුඩ්) අසල අක්කර 7ක් පුරා පැතිර සිටි අරණ්‍යක පරිසරයේ අදාළ පහසුකම් සැලසී ඇත. මුහුදු මට්ටමින් අඩි 2400ක් පමණ ඉහළින් පිහිටි කඳුවැටි සහිත සිසිල් දේශගුණයෙන් යුතු මේ සුවදායක තපෝ භූමිය 100කට පමණ රැස්විය හැකි ප්‍රධාන ශාලාවකින් ද, 40 දෙනෙකුට ප්‍රමාණවත් නේවාසික පහසුකම් වලින් ද සමන්විත ය.

නේවාසිකයන් සඳහා නිර්මාංශ ආහාර පානාදිය මධ්‍යස්ථානය මඟින් නොමිලේ සැපයෙයි. පරිත්‍යාගශීලීන්ගේ ආධාර මත නඩත්තුවන මේ ශාන්තිදායක සේවාව සඳහා කිසිදු අයකිරීමක් නොකෙරේ.

භාවනා මධ්‍යස්ථාන වීඩියෝ දසුන්

ඡායාරූප ගැලරිය

ඡායාරූප විශාල කර බැලීමට ක්ලික් කරන්න
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Bodhiraja Meditation Center
Reservations & Inquiries

සම්බන්ධ වන ආකාරය

ඔබ හෝ ඔබගේ කණ්ඩායම භාවනා වැඩසටහන් සඳහා සහභාගී වීමට හෝ මධ්‍යස්ථානයට පැමිණීමට කැමති නම්, කරුණාකර පහත දුරකථන අංක ඔස්සේ සම්බන්ධ වන්න.

කාර්යාලීය දුරකථනය (+94) 47 493 0114
ජංගම දුරකථන
විද්‍යුත් තැපෑල (Email) sobhita@sltnet.lk

මධ්‍යස්ථානයේ පහසුකම්

  • 100 දෙනෙකුට රැස්විය හැකි ප්‍රධාන ශාලාව
  • 40 දෙනෙකුට නේවාසික කුටි හා කාමර
  • නොමිලේ පිරිනමන නිර්මාංශ ආහාර පාන
  • අඩි 2,400ක් උසින් පිහිටි සිසිල් නිස්කලංක වටපිටාව