Sri Bodhiraja Foundation
Home අධ්‍යාපනික සේවාවන් බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල

බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල

ළදරු විය යනු හැකියාවන් පිළිබඳ බීජ වැපිරීමට සුදුසු සාරවත් කෙත්බිමකි. මේ සත්‍ය වූ න්‍යාය ක්‍රියාවට නංවා විශ්මිත ප්‍රතිඵල අත්දකින්නට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසලේ දෙමාපියෝ සමත්ව සිටිති. මවු බසත් සමග ඉංග්‍රීසි බසද උපයෝගී කර ගනිමින් ක්‍රියාකාරකම් ඔප් නැංවීම මේ මගින් සිදු වෙයි. ජාතික හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ දැනුම් සාගරයේ නිර්භය ලෙස පිහිනා යන්නට ගත සිත පුහුණු කරවන ප්‍රථම පියවර වශයෙන් සැලකිය හැකි මේ සේවාව තුළ සිඟිත්තෝ 400 ක් පමණ සුසංගතව සිටිති.

භාෂා නිපුණතාව හා පෞරුෂ සංවර්ධනය

අපගේ ඉගෙනුම් ක්‍රියාවලියේ සුවිශේෂීත්වය වන්නේ මව්බසට නිසි ගෞරවය ලබා දෙන අතරම, ඉංග්‍රීසි භාෂාවද ක්‍රියාකාරකම් පාදක කරගනිමින් දරුවාගේ ජීවිතයට ස්වභාවිකව බද්ධ කිරීමයි. වැඩිහිටි වියේදී ඉංග්‍රීසි ඉගෙනීමට යාමේදී ඇතිවන භය, චකිතය හා හීනමානය මුලින්ම තුරන් කිරීම අපගේ මූලික පරමාර්ථය වේ. ඉංග්‍රීසි යනු අමුතු හෝ බිය විය යුතු විෂයක් නොව, දෛනිකව භාවිත කළ හැකි ප්‍රායෝගික මාධ්‍යයක් බව කිරිකැටි වියේදීම ප්‍රායෝගිකව අත්විඳීමට මෙහිදී දරුවාට අවස්ථාව සැලසේ.

සංස්කෘතික සාරධර්ම හා ගුණධර්ම රැකගනිමින්, නිදහසේ සිතන්නට හා නිර්මාණශීලී වන්නට ඉඩහසර සලසන පරිසරයක් තුළ, ඔබේ දරුවාගේ පෞරුෂය මෙන්ම ආත්මවිශ්වාසයද ඉහළම තලයට ඔසවා තැබීමට බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල නිරතුරුවම කැපවී සිටී.

පෙර පාසල් ඡායාරූප එකතුව

විශාල කර බැලීමට ක්ලික් කරන්න
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල
බෝධිරාජ ජාත්‍යන්තර පෙර පාසල