2024/04/30 වන දින ර/ඇඹි/රාහුල ජාතික පාසලේ අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන.
අසිරිමත් වෙසක් මංගල්‍යය නිමිත්තෙන් සිදුකළ විශේෂ පිණ්ඩපාත වැඩසටහන ර/ඇඹි/රාහුල ජාතික පාසලේ විදුහල්පතිතුමිය වන K.K.C.රත්නායක මැතිණියගේ ප්‍රධානත්වයෙන්,ගෞරවනීය ස්වාමීන් වහන්සේලා පනස්නමකගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණ.ආචාර්ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකළ මෙම පිණ්ඩපාත වැඩසටහන සඳහා ඇඹිලිපිටිය ශ්‍රී බොධිරාජ ධර්මායතන මහ පිරිවෙන්හි භික්ෂුන් වහන්සේ පනස් නමක් සහභාගී වූහ.2024/04/30 වන දින මෙම වැඩසටහන සඳහා පාසල් ළමුන් 2500 කගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පරිශ්‍රයේදී සාර්ථක ලෙස පැවැත්වුණු මෙම වැඩසටහන සදහා විද්‍යාලීය කළමනාකරණ කමිටුව,අධ්‍යන හා අනධ්‍යන කාර්යමණ්ඩලය ප්‍රමුඛ රහල් ප්‍රජාවගේ නොමසුරුදායකත්වය ලැබාදුණි.
අනෙකුත් පුවත්
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන් බඳවා ගැනීම.
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ, බෝධිරාජ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ 2023 ජූලි දෙවන අර්ධ වර්ෂය සඳහා සිසුන්...
පෝය දින වැඩසටහන සිරස FM සජීවී විකාශය 2022
2022 උදුවප් මස පෝය දින වැඩසටහන ශ්‍රී බෝධිරාජ ධර්මායතනයේදී 2022 දෙසැම්බර් 07 වන දින පැවැත්විනි. මෙම පෝයදින වැඩස...
2023/04/22 දින කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා ධර්මායතනයට පැමිණීම.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන් ගරු නායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීම සදහා 2023 අප්‍රේල් මස ...
ආචාර්‍ය්‍ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපානන් සහභාගි වන විශේෂ බිහිදොර වැඩටහන.
ආචාර්‍ය්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින් වහන්සේ සමඟ වෛද්‍ය සමන් විජේරත්න සහ නිහාල් විජේරත්න මහතා සහභාගිවන විශේෂ බ...