செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு සුභසාධන සේවාවන් බෝධිරාජ ළමා නිවාසය - ඇඹිලිපිටිය

බෝධිරාජ ළමා නිවාසය - ඇඹිලිපිටිය

විවිධ ආර්ථික, ආචාරමය ගැටළු හේතුකොටගෙන අසරණවන ගැහැණු පිරිමි දරුවන්ගේ රැකවරණය සලසමින් ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීම සඳහා බෝධිරාජ ළමා නිවාසය කැපවී සිටියි. ඇඹිලිපිටිය සරත්චන්ද්‍ර සමූහ ව්‍යාපාර අධිපති සේනක සරත්චන්ද්‍ර මහතාගේ මූලික කැපවීමෙන් ආරම්භ කෙරුණු මේ දයා කරුණා නිවහන සබරගමුව පළාත් පරිවාස, ළමාරක්ෂක හා සමාජසේවා කොමසාරිස්තුමියගේ අධීක්ෂණය යටතේ, මහජන ආධාර මත පවත්වාගෙන යනු ලැබේ.

මේ වන විට මෙහි දරු දැරියන් 39 දෙනෙක් සෙවන ලබති. රටේ අනාගතය දරු පරපුර නම්, ඔවුන් වෙනුවෙන් වර්තමානයේ අප විසින් කරන කැපකිරීම ඉතා අර්ථාන්විත ආයෝජනයකි. සමාජයේ ඇතැම් දරුවන්ට අහිමිවන මා පිය සෙනෙහස ලබා දෙමින් අර්ථවත් ලෙස ආදරය හිමි කර දෙමින් කරන සත්කාරය නිසා ඉදිරියේ යම් දිනෙක බිහිවන්නට නියමිත සමාජ විරෝධීන්ගේ සංඛ්‍යාව අවම කරගත හැකිය.

ස්වාභාවික විපත්, මා පිය ගැටුම් හා වෙනස්වීම් නීතිමය ප්‍රශ්න හමුවේ මැළවී යන ළමා වියේ සුන්දරත්වය යළි ලබා දෙමින් ඔවුන් ගතින් හා සිතින් පෝෂණය කිරීමට සුදුසු ම පරිසරය නිර්මාණය වන්නේ බෞද්ධ වත්පිළිවෙත් සහිත ළමා නිවහනයකය යන්න බෝධිරාජ පදනමේ විශ්වාසය යි.