செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு සුභසාධන සේවාවන් මෙත්සෙවන නිවාසය - ඇඹිලිපිටිය

මෙත්සෙවන සුනාමි නිවාස ව්‍යාපෘතිය

මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් විශාලතම හදිසි ආපදාව 2004 දී සිදුවූ සුනාමි ව්‍යසනය යි. තිස් දහසකට අධික ජීවිත අහිමිකළ ඒ විපත්තිකර අවස්ථාවේ නිවාස අහිමි වූ අය වෙනුවෙන් ශ්‍රී බෝධිරාජ පදනම පානදුර සිට තිස්සමහාරාම දක්වා ප්‍රදේශයේ නිවාස 700 ක් ඉදිකරන ලදි. මේ මහා ව්‍යායාමයේදී තායිලන්තයේ අන්රී ආගමික සංවිධානය, සිංගප්පූරුවේ රතු කුරුස සංවිධානය මෙන්ම තවත් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු අනුග්‍රහය කෘතවේදීව සිහිපත් කරමු.

ශ්‍රී බෝධිරාජ පදනමේ ක්‍රියාකාරීන්ගේ බලවත් උත්සාහය නිසා ම සුනාමි විපත සිදුවී තෙමසක් ගතවීමටත් පෙර, දිවයිනේ ප්‍රථම සුනාමි නිවාස සමූහය පානදුර සාගර මාවතේ දී විවෘත කෙරින. එහි නිවාස ගණන 12 ක් විය. බෝධිරාජ මෙත්සෙවන නිවාස වැඩසටහන විශේෂත්වයක් දරන්නේ එහි පසු විපරම් කටයුතු ද සිදු කෙරෙන බැවිනි. සුනාමි විපතින් පසු ජීවිතය අළුතින් ආරම්භ කරන්නට ද, ගෙවත්ත සකස් කරගන්නට ද මේ යටතේ උපකාර කරන ලදි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද වැඩසටහන් ක්‍රියාත්මක කෙරින.