செய்திகள்
ஆசீர்வாதப் பூசை 2021போதிராஜா தொழில்சார் பயிற்சி நிலையம்புதிய மாணவர்களை சேர்த்தல்பள்ளிக்கு முந்தைய குழந்தைகளின் பட்டமளிப்பு விழா 2021அற்புதமான അഭயதான விழாமுதல் தரத்திற்கு மாணவர்களை சேர்த்தல்குண நினைவு நிகழ்வும் புதிய மகாநாயக்க தேரரை வரவேற்பதும்சிறப்பு தர்ம உரையாடல்பசுமை மாதம் அறிமுக நிகழ்வுமுதல் கல்விச் செமஸ்டரைத் தொடங்கும் நிகழ்ச்சிஸ்ரீ போதிராஜா அறக்கட்டளை என்பது 1991 இல் நிறுவப்பட்ட ஒரு இலாப நோக்கற்ற தொண்டு நிறுவனமாகும்.சுவா அது இலங்கை பாராளுமன்றச் சட்டத்தின் கீழ் முறையாக இணைக்கப்பட்டது.ஸ்ரீ போதிராஜா அறக்கட்டளையின் வருடாந்திர பொது தொண்டு பராமரிப்பு தொடர்.
ஸ்ரீ போதிராஜ அறக்கட்டளை
முகப்பு සුභසාධන සේවාවන් විසාකා නිවාසය - ඇඹිලිපිටිය

විසාකා නිවාසය - ඇඹිලිපිටිය

සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ පවත්නා මේ ආයතනය, අතිශය සංවේදීවූත් මානව හිතවාදී වූත් සේවාවකි. ලිංගික අතවරයන්ට ගොදුරු වූ වයස 18ට අඩු දැරියන් සඳහා ආරක්ෂාව, පෝෂණය හා අනාගත සුරක්ෂිතතාව සලසන මේ ආයතනයේ කුඩා දරුවන් ද සමග 15 දෙනෙකු පමණ පිළිසරණ ලබති.

සිත් පිත් නැති අධම මිනිසුන්ගේ ගොදුරු බවට පත් වූ ළමා ජීවිත ඒ දුක්ඛාන්ධකාරයෙන් මුදවාගෙන බෞද්ධ සාරධර්ම ඔස්සේ හික්මවනු ලැබ සමාජගත කෙරෙන මේ සේවාව 2014 වසරේ කාන්තා දිනය නිමිතිකොට අරඹා පවත්වාගෙන යන්නකි. අයථා පෙළඹවීම, වංචාව, ආත්මාර්ථකාමිත්වය වැනි රුදුරු ආකල්ප සහිත වැඩිහිටියන්ගේ අතවරයට ගොදුරුවන දැරියන්ගේ සිත්තුළ ස්වාභාවයෙන්ම පහළවන්නේ තරහ, වෛරය, කළකිරීම මුසු විනාශකාරී මානසික තත්ත්වයකි.

ඒ තත්ත්වය වෙනස් කළ හැක්කේ ක්‍රමවත් මානසික උපදේශනයෙන් ද යුතු නිවාසගත වැඩ සටහනක් මගිනි. විහාරස්ථානය ඇසුරින් බෞද්ධ වත්පිළිවෙත් හා සාරධර්ම මුසුකොට සංවිධානය කෙරෙන එවන් උත්සාහයක ප්‍රතිඵල ඉතා ඵලදායී වන බව නිසැක කරුණකි. මේ සුභදායී ප්‍රතිඵල අත්දකිමින් ඉදිරියට යන විසාකා නිවාසය ශ්‍රී බෝධිරාජ පදනම මගින් සමස්ත ශ්‍රී ලාංකික සමාජයට පිදෙන මහාර්ඝ තිළිණයකි.