වාර්ෂික අධ්‍යාපන චාරිකව 2023 - බෝධිරාජ ජාත්‍යන්තර පෙරපාසල ඇඹිලිපිටිය
2023.08.18 වන දින ශ්‍රී බෝධිරාජ පෙර පාසලේ දරුවන් අධ්‍යාපනික විනෝද චාරිකාවකට සහභාගි කරවන ලදී.චාරිකාව සදහා 250කට ආසන්න දරුවන් පිරිසක් සහභාගී වූහ. තංගල්ල මුහුදු වෙරළ ,හම්බන්තොට කුරුලු උයන සහ උද්භිද උද්‍යානය නැරඹීමට ගිය අප දරුවන් විනෝදාත්මක අධ්‍යාපන චාරිකාවක අත්දැකීම් ලබා ගතහ.එහි අරමුණු වූයේ දරුවන්ට පාරිසරික දැනුම හා අවබෝධය ලබාදීම ,බුද්ධි වර්ධනය ශාරීරික වර්ධනය, මානසික සුවතාව සහ විනෝදාස්වාදය යනාදිය ලබා දීමයි. මෙහිදී දරුවන් ඉතා සතුටින් කාලය ගත කරන ලදී.( තංගල්ල මුහුදු වෙරළ ) එමෙන්ම විවිධ වර්ගයේ කුරුල්ලන් පිලිබද දැනුම ලබාගත් අතර තම ගුරුවරුන් සමග පාගමනින් කුරුලු උයන නරඹන ලදී. ඉන් පසු උද්භිද උද්‍යානය නැරඹීමට විදුලි කාර්රථ යොදා ගත් අතර දරුවන් ඉතාමත් විනෝදයෙන් තම මිතුරන් සමග උද්‍යානයේ සිරි නරඹන ලදී. චරිකාව සදහා දෙමාපියන් සහබාගී නොවූ අතර දරුවන් තම ගුරුවරුන් හ මිතුරන් සමග ඉතා ආරක්ශිතව චාරිකවට සම්බන්ධ වීමෙන් ඔවුන් ලබාගත් අත්දැකීම් සුවිශේෂ වේ.
අනෙකුත් පුවත්
ළමා කළඑළි දැක්ම විශේෂාංග වැඩ සටහන
හිඟූර ආර බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සහ ප්‍රජාවේ සිටින ආර්ථික අපහසුතා සහිත ළමයින් එකතුවෙන් අන්තර්කරණ ක්‍රි...
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය
ශ්‍රී බෝධිරාජ විශේෂ පාසලේ ළමයින් සඳහා පවත්වනු ලැබු ක්‍රීඩා උත්සවය මෙවරද 2023.04.01දින ඉතා සාර්ථකව නිමකරන ල...
තායි, ශ්‍රී ලංකා ශාසනික මිතුදම තහවුරැ කෙරෙන ලාංකේය කුලදරැවන් දස නමක් පැවිදී කරවීම.
ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ හා පූජ්‍ය රාස්සගල සීවලී ස්වාමීන්වහන්සේගේ විශේෂ සංවිධායකත්වයෙන්...
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.
පංසල් චාරිකාව පුෂ්පාරාම විහාරස්ථානය තෙල්බදුආර.